කූඩැල්ලා

කඳුකරයේ වගේම පහතරට තෙත් කලාපයේත් සිටින අයට නම් කූඩැල්ලා අමුත්තෙක් නෙවෙයි. කිතුල්ගල, සිංහරාජය මෙන්ම කන්නෙලිය වනාන්තරවල චාරිකා කළා නම් ඔබටත් කූඩැල්ලන් විඳගන්න ලැබෙන්න ඇති

May 14, 2021 - 20:37
May 14, 2021 - 20:46
 0  516
කූඩැල්ලා
කූඩැල්ලා
කූඩැල්ලා
කූඩැල්ලාට තියුණු දත් සියයක් හා හනු තුනක් තියෙනවා. අපේ ඇගට නැගලා ලේ බොන රුධිර නාලය තදින් අල්වාගෙන එක හනුවකින් නිර්වින්දන රසායනික ද්රව්යක් මුදාහරිනවා. ඒ නිසයි කූඩැල්ලා ලේ බොනකොට අපිට කිසිම වේදනාවක් දැනෙන්නේ නැත්තේ. දෙවන හනුවෙන් නිකුත් කරන රසායනික ද්රව්ය නිසා රුධිර නාලය විශාල වෙනවා. තුන්වන හනුවෙන් නිකුත් කරන හිරුඩින් නම් රසායනික ද්රව්යයෙන් රුධිරය කැට ගැසීම වැලැක්වෙන නිසා කූඩැල්ලාගෙ මුඛයට ලේ නොකඩවා ගලාගෙන එනවා..
ලේ උරා බීපු කූඩැල්ලා අවසානයේ මත් වී ඇද වැටෙනවා. එක වරක් ලේ බීපු කූඩැල්ලෙකුට නැවත අව්රුදු එකහමාරක කාලයක් යනකම් කිසිදු ආහාරයක් ගැනීමට අවශ්ය වන්නේ නෑ.. කූඩැල්ලා ලේ බීපු ස්ථානයේ කැසීමක් ඇතිවී සුලු ඉදිමීමක් ඇති වෙනවා. එසේ වීමට හේතුව අතින් ඇද දැමීම නිසයි. ලුණු , අළු, දෙහි, සබන් , ඩෙටෝල්, තවරා ගලවා දැමිය හැකිය නම් කිසිදු අහිතකර බලපෑමක් ඇති වන්නේ නෑ..
අපේ රටේ මෙන්ම විදේශීය රටවලද අනාදිමත් කාලයක පටන් කූඩලු චිකිත්සාව මගින් ඇස කන නාසය පමණක් නොව ශරීරයේ මතුපිට හිර වී ඇති ලේ කැටි ඉවත්කිරීමට ද පෙනහලු මොලය, හෘදයේ සැත්කම් සදහාද කූඩැල්ලන් භාවිත කරනවා.. උභය ලිංගික සතෙක් වන කූඩැල්ලාට ගැහැනු හා පිරිමි ප්රජනන පද්ධතීන් දෙකම ඇති බැවින් ලිංගික එක්වීමකින් තොරවම බිත්තර දමා පැටවුන් බිහි කිරීමට හැකියාවක් තියෙනවා..