ආදරවන්තයින්ගේ පැකේජය

ඔබගේ සහකරුවා හෝ සහකාරිය සමඟ නිදහසේ ලස්සන මාදු ගං තීරයේ තමන්ගේ අතින්ම ඔබ කැමති ආහාර වේලක් සාදාගෙන ආහාරයට ගැනීමට ඔබත් කැමතිද ?

Sep 24, 2020 - 15:53
Oct 3, 2020 - 13:19
 0  173
ආදරවන්තයින්ගේ පැකේජය
ආදරවනතයනග-පකජය

කාර්‍ය බහුල ජීවිතයේ තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය සමග නිදහසේ කාලය ගත කරන්න සුන්දර  ස්ථානයක් ලෙස  දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ  බලපිටිය නගරයේ  පිහිටා ඇති මාදුගඟ සංචාරකයින් අතර ප්‍රසිද්ධ ස්ථානයකි. නිවාඩු දවස් වලට පෙම්වතුන් පෙම්වතියන් කාලය ගත කරන්නට නොයෙකුත් ස්ථාන වලට යන අතර එවැනි සුන්දර සථානයක් ලෙස මාදුගඟ ප්‍රසිද්ධියක් උසුලයි . එක දවසින් ගිහින් එන්නට පුළුවන් ගමනක් ලෙස සඳහන් කළ හැක. සුන්දර දූපතක නිදහසේ කාලය ගත කරන්නට ලැබෙනවා මෙන්ම ආහාර තමන්ගේම අතින් පිස ගැනීමට හැකියාව ඇති අතර ආහාර රැගෙන එන්නේ නම් ආහාර පිස ගැනීමට  අවශ්‍ය බඩුබාහිරාදිය ලබා දෙයි. 

නිවාඩු පාඩුවේ පැමිණෙන ඔබට ඉතාමත් හොදින් සුහදශීලීව අපගේ සේවාවන් ලබාදීමට අප නිරන්තරයෙන් කැපවී සිටී. දර ලිප පරිහරණය කරන අය සදහා දර ලිපද, ගෑස් ලිප් පරිහරණය කරන්නන් සදහා ගෑස් ලිප් ද මෙමගින් ලබා දෙයි. 

පැකේජයට  ඇතුළත් දේවල්,

  • මාදු ගගේ කඩොලාන අතරින් පැය දෙකක දූපත් වටා බෝට්ටු සවාරියක් (කොක්දූව, කුරුදු දූපත, සතපහේ දූව)
  • අවශය නම් දූපත තුළ කාමර පහසුකම් ලබාදේ  
  • මත්සය සම්බාහනය ( Fish Therapy )
  • කුරුදු දූපත වෙත ගොස් Cinnamon Tea එකක් රස විදිමින් කුරුදු නිශ්පාදන සකසන ආකාරය නැරඹීමටත්, කුරුදු නිශ්පාදන මිළදී ගැනීමටත් අවස්ථාව  

 මෙම  පැකේජය සදහා අවමය හතරදෙනෙකුගෙන් සමන්විත වේ.