ශ්‍රී ලංකාවේ තෙවන රැම්සා තෙත් බිම

මාදු ගඟ ඝනව වැඩුණු කඩොලානවලින් සමන්විත ඉවුරුවලින් යුක්‌තය. ඇතැම් තැන්වල කඩොලාන අඳුරු ගුහා අතරින් රිංගා බෝට්‌ටුවක, ඔරුවක නැගී මාදු ගඟේ අසිරිය විඳගත හැකිය. මෙහි ශාක විවිධත්වය හා වනසතුන්ගේ විවිධත්වය ඉතා ඉහළ මට්‌ටමක පවතී. මාදු ගඟේදී හමුවන "රතමිල්ල ශාකය ලංකාවේ ඉතාමත් දුලබ කඩොලාන ශාකයකි. එය මෙහිදී හා ආශ්‍රිත ස්‌ථාන කිහිපයකදී පමණක්‌ හමුවේ. මෙහිදී කඩොල් විශේෂ 14 ක්‌ හමුවේ. ශාක විශේෂ 302 ක්‌ මාදු ගඟේ ඇති බවට හඳුනාගෙන ඇත. කිරල, මහකඩොල්, මල් කඩොල්, පුංකණ්‌ඩ, ගොඩකිරල, ගිං පොල්, කැරං කොකු වැනි ශාක මෙහි බහුලය. madu ganga boat safari

Sep 27, 2020 - 21:53
Sep 28, 2020 - 20:34
 0  365

මාදු ගඟේ සිරි නරඹන්නට පැමිණෙන ඔබට එය කොතරම් ආශ්වාදජනක දැයි සිතෙන්නට පටන් ගන්නේ හෙමින් හෙමින් මාදු ගඟ දිගේ බෝට්ටුවක් මගින් ගමන් කිරීමේදීය. බෝට්ටුව සෙමෙන් මාදුගඟේ මද දුරක් ගමන් කරනා විට ඔබට දක්නට ලැබෙන්නේ වියනක් සකස් කළාක් මෙන් අලංකාරව වැවී තිබෙන කඩොලාන ශාකයන්ය. සැබැවින් ම කියනවා නම් ඒවා යමකු ආයාසයකින් සකස් කරේ නම් කිසි ලෙසක එවන් වූ අලංකාරවත් ලෙස සකස් කරන්නට නොහැකිය. එය සොබාදම් මාතාව මැවු අපූරු නිර්මාණයකි.

1960 දශකයේ මුළු යුරෝපයේම තෙත් බිම් සීග්‍රයෙන් අඩුවීම හා ජලාශ‍්‍රිත පක්ෂීන් විශාල ලෙස වඳ වීම වැනි තර්ජන වලට මුහුණපානවා. එය මූලික කොට ගනිමින් තෙත්බිම් සම්බන්ධව අන්තර්ජාතික සමුළුවක් 1971 පෙබරවාරි මස 2 දින ජාතීන් 18කගේ සහභාගිත්වයෙන් ඉරානයේ රැම්සාර් නුවරදී පවත්වනවා. එහිදී ජගත් තෙත් බිම් සංරක්ෂණය කිරීම සඳහා අන්තර්ජාතික සම්මුතියක් අත්සන් තබන ලද අතර එය රැම්සාර් සම්මුතිය නමින් හැදින්වේ.

ලොව පුරා තිරසර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම උදෙසා ස්ථානීය මෙන් ම ජාතික හා අන්තර්ජාතික සහයෝගිතා මගින් සියලූ තෙත්බිම් සංරක්ෂණය කිරීම හා නැණවත්ව භාවිතා කිරීමයි.

1971 අත්සන් තබා සම්මත කර ගත් මෙම සම්මුතිය 1975 වසරේ සිට බලාත්මක කරන්නට අදාල රටවල් තීරණය කරනවා. ඒ අනුව රැම්සා සම්මුතියෙන් සංරක්‍ෂණය වන තෙත් බිම් කිහිපයක් මේ වන අප රටේ තිබෙනවා. ඒවා අතර බුන්දල ජාතික උද්‍යානයකුමන ජාතික උද්‍යානය ආනවිලූන්දාවවන්කාලේ සහ මාදු ගඟ අභය භූමිය සුවිශේෂියි.

 මෙම මාදු ගඟ පරිසර පද්ධතිය තුළ ශාක මෙන්ම සත්ත්ව විවිධත්වය ඉතා අධිකයි. ශාක කුල 96කට අයත් ශාක විශේෂ 302ක් වාර්තා වී තිබෙන අතර මින් විශේෂ 19ක් ලංකාවට ආවේණික වන අතර විශේෂ 8ක් ජාතික වශයෙන් වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා තිබෙනවා. 

මෙම මාදු ගඟ පරිසර පද්ධතිය තුළ ශාක මෙන්ම සත්ත්ව විවිධත්වය ඉතා අධිකයි. ශාක කුල 96කට අයත් ශාක විශේෂ 302ක් වාර්තා වී තිබෙන අතර මින් විශේෂ 19ක් ලංකාවට ආවේණික වන අතර විශේෂ 8ක් ජාතික වශයෙන් වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා තිබෙනවා. 

කඩොල් / මහකඩොල්, මල් කඩොල්, පුංකණ්ඩ/රතු ගස්, මට්ටි කඩොල්, කොන්තාලන්, බැරිය, රත මිල්ල, කිරල, කටු ඉකිලි, කැරන් කොකු, තෙල, ගිං පොල්, හීන් කඩොල්,එටුන/හෝ මැදිරිය

මෙම කඩොල් විශේෂ ලංකාවට ආවෙණික කඩොල් ශාක වේ.විශේෂයෙන් පාසල් දරුවන්ට මෙය ඉතා වටිනා අධ්‍යාපන චාරිකාවක් වනු නොඅනුමානයි.